2033 තෙක් යළි නොදකින අද රෑ සඳ

Picture of අසංක

අසංක

අද රාත්‍රියේ හඳ පායා ඇත්තේ 2033 වසර වනතෙක් යළි දැකගත නොහැකි ආකාරයේ පිහිටීමක සඳක් බව නාසා ආයතනය පවසයි.

එය වෙනදාට වඩා 14%ක් කුඩාවට දිස්වන අතර වෙනදාට වඩා 30%ක් එළිය අඩු බව තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මෙතරම් කුඩා, එළියෙන් අඩු සඳක් මීට පෙර දක්නට ලැබී ඇත්තේ 2000 වසරේ ඔක්තෝබර් 13 වැනිදායි.

අද පායා ඇති සඳ තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ minimoon හෝ micromoon යන නාමයෙනි.

සඳෙහි අද පිහිටීම මීට බලපා ඇති අතර මෙම වෙනස වඩාත් හොඳින් දිස්වන්නේ එංගලන්තයේ වැසියන්ට බව ද ඔවුහු සඳහන් කරති.