21 ව්‍යවස්ථා කෙටුම්පත කැබිනට් මණ්ඩලයට දෙයි

Picture of අසංක

අසංක

21 වන ව්‍යස්ථා සංශෝධන කෙටුම්පත අද (23) දිනයේ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව එළඹෙන 27 වන සිකුරාදා දිනට පෙර එම කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායක අදහස් විමසීමට එහිදී තීරණය කර ඇත.

එම සාකච්ඡාවෙන් පසුව ඒ සම්බන්ධයෙන් නැවත කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීමට නියමිතයි.