නවතම පුවත්

I‘am Percy Cricket Crazy’ කෘතිය එළිදකී

අසංක

අසංක

ක්‍රිකට් ක්‍රීඩාවේ ‌‌මෙරට ජ්‍යේෂ්ඨතම දිරි ගන්වන්නා වන පර්සි අබේසේකර මහතා‍ගේ චරිතාපදානය වූ ‘I‘am Percy Cricket Crazy’ කෘතිය එළිදකී.

මෙම කෘතියේ මුල්පිටපත අනූහයේ ‍ලෝකශූර ක්‍රිකට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට පිළිගැන්වීම සං‌කේතවත් කරමින් කෘතිය ජනගත ‌කෙරිණි.

බොරැල්ල චාන්ස් ස්පෝර්ට්ස් ප්‍රදර්ශනාගාරයේදී ‌මෙම උත්සවය පැවැත්විණි.

පර්සි අබේසේකර දිරිගන්වනකු ලෙස ක්‍රිකට් පිටියට එක් වී මේ වන විට වසර හැටක් ගතව තිබේ. එදා මෙදාතුර ඔහු ලැබූ රසවත් අත්දැකීම් ‘I‘am Percy Cricket Crazy’ කෘතියට පාදක වී ඇත. චෙන්සිල් පෙරේරා රචනා කළ එම කෘතිය දොරට වැඩීමේ උත්සවය Sportsinfo සහ Trimo Media ආයතන විසින් සංවිධානය කෙරිණ. එහි ජනගත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අනූහයේ ‍ලෝකශූර ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පැවසුවේ පර්සි අබේසේකර දිරිගන්වන්නකු ලෙසට ක්‍රිකට් පිටියේදී කළ සේවය කිසිදා අමතක නොවන බවයි.

මෙම උත්සවයට සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම, රංගන හේරත්, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් එක් වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්