22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දින (21) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත කරන ලදී.
කෙටුම්පත තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174ක් ලැබී තිබුණි.
එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.
කෙසේ වෙතත් මෙම කෙටුම්පත දෙවන වර කියවීමේදී පක්ෂව ඡන්ද 179ක් ලැබී එක් ඡන්දයක් පමණක් විරුද්ධව ප්‍රකාශ විය.
දෙවන වර කියවීමේ අවස්ථාවට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 25 දෙනකු පැමිණ සිටියේ නැත.
ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මතවූ බව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේය.