BREAKING NEWS


Share now!

මෙරට ජනාකීර්ණ නගර රැසකම , වායුගෝලයේ මයික්‍රෝ ස්කේල් ප්ලාස්ටික් අංශු වැඩිවීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

මීට හේතුසාධක වන කරුණු පිළිබඳව තවදුරටත් පර්යේෂණ කිරීමටද එම විශ්වවිද්‍යාලය සැලසුම් කර ඇති බව එහි විද්‍යා පීඨයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය එච්.එම්.ටී.ජී.ඒ.පිටවල මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී.

මේ අතර ගත වූ සති දෙකක කාලයේ දී කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයද අහිතකර මට්ටමකට ඉහල ගියේය .