Share now!

කැලණිය රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහරේ දෙවැනි වීථි පෙරහර කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛ්ත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඊ‌යේ පැවැත්විණි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ දෙවැනි වීථි පෙරහරේ සධාතුක කරඩුව කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති දොස්තර සමන් වීරසිංහ මහතා විසින් තැන්පත් කළේය.

කැලණිය රජ මහා විහාරයේ අවසන් මහා ‌පෙරහර අද රාත්‍රි  වීථි සංචාරය කිරීමට නියමිතය.  අද දින කරඩුව තැන්පත් 

කිරීමේ චාරිත්‍රයට එක්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතාය.