ක්‍රීඩා


Share now!

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ තරග කාළ සටහන අයි.සී.සී ය මගින් එළි දක්වා ඇත. මෙහි පළමු තරගය ජනවාරි 19 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර  දෙවැනි තරගය ජනවාරි 27 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරග දෙකම පැවැත්වෙන්න‍ෙ හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය.

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට ටෙස්ට් තරගයකට මුහුණ දුන්නේ 2018 වර්ෂයේ බංග්ලාදේශයට එරෙහිවය. එමෙන්ම අවසන් වරට ඔවුන් 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග සංචාරයකට එක්වී ඇත.