Featured


Share now!

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 20 දෙනෙකුට එරෙහි අවසන් විනය පරීක්ෂණ ලබන සතියේ පැවැත්වීමට එම පක්ෂ බලධාරීන් තීරණය කර ඇත.

එම විනය පරීක්ෂණයෙන් අනතුරුව එම මන්ත්‍රීවරුන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීමටද පක්ෂයේ මධ්‍යම කාරක සභාව සැලසුම කර ඇති බව වාර්තාවේ.

මෙම මන්ත්‍රීවරු කිසිවකුට හෝ එළඹෙන මැතිවරණයට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත්වීමට අවස්තාව ලබනොදීමටද පක්ෂය දැනටමත් තීරණය කර ඇති බවටද වාර්තාවේ