ක්‍රීඩා


Share now!

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති පුහුණු තරගයකදී ප්‍රබල එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (18) සමත් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ එක්වරක් පන්දුවාර විස්සයි විස්ස ශූරීයන් වූ සහ තුන්වරක් අනුශූරියන් වූ එංගලන්ත කාන්තා කණ්ඩායම මෙහිදී පරාජය වීම විශේෂත්වයක්.

පලමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 09ක් දැවී ලකුණු 122ක් රැස් කළා. පන්දු යැවීමේදී ශෂිකලා සිරිවර්ධන කඩුලු 04 ක් සහ නායිකා චමරි අතපත්තු කඩුලු 03 ක් දවා ගත්තා. ලකුණු 123 ක ජයග්‍රාහී ඉලක්කය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කිසිවෙකු නොදැවී පසු කර යාමට සමත් වුණා.

වේගවත් පිති හරඹයක නිරත වූ නායිකා චමරි අතපත්තු  පන්දු 50 කදී හයේ පහර 05 ක් සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 78 ක්. ලක්ව තිබෙනවා.