නවතම පුවත්

ශ්‍රී ලංකාවට ක්‍රීඩාව වෙනුවෙන්ම විශ්ව විද්‍යාලයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයට පත් කරන ලද සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි මින්පෙර අවදානයට ලක්නොවූ ක්‍රීඩා ආර්ථිකයක් (sports economy) පිළිබඳ සඳහන්කර ඇති බවත්, ඒ අනුව ජාත්‍යන්තර තාලයට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ මූලික අත්තිවාරමක් ලෙස ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමට කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කළ හැකි වූ බවත්, මේ වසර තුළ එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

හෝමාගම , දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණ පරිශ්‍රය සමීපයෙහි අක්කර 126 ක භූමි භාගයක් තුළ මෙම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඉටු කිරීමට සැලසුම් කර ඇති අතර, එම ප්‍රදේශයේ පසුගියදා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

මෙම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ක්‍රීඩාවට අදාල සියලු විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා අංගසම්පූර්ණ පහසුකම් සහිතව ඉදිකිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් ලබාදීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලද බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඌව විශ්ව විද්‍යාලයේ පලමු උපකුලපති ධූරයෙහි කටයුතු කළ ආචාර්ය ඇඹුල්දෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වෙයි. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ජාත්‍යන්තර මට්ටමින් විශිෂ්ටත්වයට පත්, ඔලිම්පික් වැනි ජාත්‍යන්තර තරඟවලින් රටට ජයග්‍රහණ අත්පත් කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ අනාගතය ක්‍රීඩා ක්ෂේත්‍රය තුළින්ම ශක්තිමත් කරගැනීමට සහ වැඩිදුර අධ්‍යාපනය තුළින් සංවර්ධනය කරගැනීමට මෙම විශ්වවිද්‍යාලය මගින් ඉදිරියේදී අවස්ථාව සැලසෙනු ඇත.

2021 වර්ෂය වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කොට මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ඉහළට ඔසවා තැබීමට නම් එක් එක් ක්‍රීඩා අංග සම්බන්ධ විශේෂඥ දැනුම, පුහුණුව, ක්‍රීඩා ක්ෂේත්රයේ පර්යේෂණ කටයුතු විධිමත්ව සිදු විය යුතු බවත්, විභාග මානසිකත්වයේ සිරව සිටින දරුවන් එයින් මුදවාගෙන, ක්‍රීඩාව වෙත යොමු කළ යුතු බවත්, දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන්, සහජයෙන් උරුම කරගෙන පැමිණෙන හැකියාවන් විශේෂ දක්ෂතා දක්වා සංවර්ධනය කළ හැකි ආකාරයේ පුහුණුවක් ලබාදිය යුතු බවද, දියගම ආරම්භ කිරීමට යෝජිත නව ක්‍රීඩා විශ්වවිද්‍යාලය එවැනි අරමුණු වෙනුවෙන් මහඟු පිටුබලයක් සළසනු ඇති බවද මෙහිදී අදහස් දක්වමින් ආචාර්ය ඇඹුල්දෙණිය මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර, ක්‍රීඩා අධ්‍යාපන විශ්වවිද්‍යාල කමිටුවේ ප්‍රධානී ආචාර්ය ඇඹුල්දෙනිය මහතා ප්‍රමුඛ කමිටු සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී