වසර 35කට පසු, ශ්රී දළදා මාලිගාව විසින් පැවැත් වූ ජනරජ පෙරහැර අද(19) දින පස්වරුවේ මහනුවර වීදි සංචාරය කරනු ලැබීය.
ශ්රී දළදා මාලිගාව ඉදිරිපසින් ආරම්භ කළ පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය හා ඩී.එස් සේනානායක වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ශ්රී දළදා මාලිගාව පරිශ්රය වෙත පැමිණියේය.
ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීමක් මත 75 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් මෙම ජනරජ මෙවර පවත්වන ලද්දේ සිව්වැනි වතාවට ය.
මෙවර පැවැත්වූ ජනරජ පෙරහැරේ රාජ්ය ලාංඡනය රැගෙන යනු ලැබුවේ කැළණිරජමහා විහාරයේ කණ්ඩුල හස්ථිරාජයා විසිනී.
විචිත්රවත් උඩරට නර්තන හා වාදනයන්ගෙන් යුත් සංස්කෘතිකාංග රැසකින් ජනරජ පෙරහර විචිත්රවත් වූ අයුරුයි මේ.