BREAKING NEWS


Share now!

භාරත ලක්ෂ්මන් ඝාතනයට මරණීය දණ්ඩනය නියම වී දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු හා අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් දුරකථනයෙන් කරගෙන යන මත්කුඩු ජාවාරමක් පොලිස් විශේෂ කාර්‍ය බළකාය හෙළිකර ගනී.

ඔහුගේ මෙහෙයවීම අනුව මත්කුඩු බෙදාහැරීමේ නිරතව සිටි කාන්තාවක් කැලණිමුල්ල දරවතුමුල්ල ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 25ක් පමණ මිලැති හෙරොයින් ග්‍රෑම් 251ක්, ජංගම දුරකථන 3ක් සමග ඊයේ (2) සවස අත්අඩංගුවට ගෙන ඇත.

දෙමටගොඩ බේස්ලයින් මාවතේ පදිංචිකාරියක් වන ඇය 39 හැවිරිදි තැනැත්තියකි.

ඇගේ සැමියා ද මත්කුඩු ජාවාරමට පොලිස් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටී.

දෙමටගොඩ චමින්ද සහ අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා බන්ධනාගාරයේ සිට ඇමතුම් ලබාදෙන ජංගම දුරකථන අංක පවා ඇය සතුව තිබී හමුවී ඇත.