Featured


Share now!

අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සොයමින් සිට අද උදෑසන නිවේදනයක් කරමින් ඒ සඳහා  මහජන සහය පැතූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලීසියට බාර වී තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත අනුව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව  පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා සම්බන්ධයෙන්  පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය තුළ සිදුවන විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා පොලීසිය විසින් සොයමින් සිටියේ දින ගණනාවක සිටයි.

එම සිද්ධියට සම්බන්ධ බවට සැකපිට මේ වනවිට මත්ද්‍රව්‍ය කාර්‍යංශය නිලධාරීන් 16ක් අත්අඩංගුවට ගෙන ඇත.