ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට චීනයේ සඳහා පූර්ණ සහය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා පූර්ණ සහය ඉදිරියේදී ලබාදීමට චීනය ඇපකැප වන බව මෙරට චීන වැඩබලන තානාපතිවරයා ප්‍රකාශ කර සිටී .

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට චීනයේ කොමියුනිට්ස් පක්ෂයේ සුබ පැතුම් පිරිනැමන බවද වැඩ බලන චීන තානාපතිවරයා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ හමුවකදී පැවසීය ..

එහිදී චීනයේ මෙරට වැඩ බලන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව හා චීනය අතර නව අවස්ථා උදාකර ගැනීම සඳහා චීනයේ කොමියුනිට්ස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරීමට සුදානමින් සිටින බවය.

ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්වීපාර්ශවික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව වරාය නගරයේ වැඩ කඩිනම් කරන ලෙසත් පානීය ජලය හා වාරිමාර්ග ව්‍යාපෘති එක්ව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසත් අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා මෙහිදී චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.