4 වැනි වරටත් අතුරලියේ රතන හිමි අද පාර්ලිමේන්තුවට

Picture of අසංක

අසංක

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැස්තුව නියෝජනය කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

ඒ 2021 වසරේ පළමු සමාරම්භක පාර්ලිමේන්තු සැසිවාරයේ දී ය.

උන්වහන්සේ මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කරනු ලබන්නේ සිව් වැනි වතාවටයි.

මහ මැතිවරණයෙන් පසුව මේ දක්වා අපේ ජන බල පක්ෂය මන්ත්‍රී ආසනය හිස්ව පැවැතිණි.

පාර්ලිමේන්තුව තුළ තවදුරටත් එක් පක්ෂයක ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් හිස්ව තිබෙන අතර ඒ පසුගිය ආණ්ඩුව පිහිට වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු අසුන ය.