පසුගිය දින කිහිපයේ සිදුවූ කොරෝනා මරණ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම සමාලෝචන කමිටුව පත් කර ඇති එම සංගමය පවසයි.
විශේෂයෙන්ම පසුගිය දිනවල නිවෙස්වලදීම සිදුවූ කොරෝනා මරණ පිළිබඳව විශේෂයෙන් සමාලෝචනය කිරීමට කමිටුව කටයුතු කරනු ඇත.
ඉතා කෙටි කාලයක් තුළ සිදු වූ මෙම කොරෝනා මරණ 23න් 50%ක් ම නිවාස තුළදී සිදුවූ ඒවාය.