අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයෙක්
පාසල් සිසුවකුට වෙඩි තියලා
* සිසුවා රෝහලේ – දොස්තර රිමාන්ඩ්
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මහරගම ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩාංගනයේ දී පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබූ අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ ඊයේ (23) දිනයේ දී සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිසුන් පිරිසක් ඊයේ (22) පස්වරුවේ එම ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිට ඇත. එහිදී පන්දුව යාබද නිවසකට වැටී තිබේ.
ඉන් කුපිත වූ නිවෙස්හිමි වෛද්‍යවරයා හා සිසුන් අතර බහින් බස්වීමක් දුරදිගගොස් තිබේ.
එහිදී වායු රයිෆලයකින් සිසුන් වෙත වෛද්‍යවරයා වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.
එහිදී තුවාල ලැබූ 17 හැවිරිදි සිසුවෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.