Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිනකට මාස්ක් ලක්ෂ 6ක්
කුණු කූඩෙට
ඉවතලීමෙත් අවදානමක්
පැතුම් වික්‍රමරත්න
 මුහුණු ආවරණ ලක්ෂ ‍6කට ආසන්න ප්‍රමාණයක් එක් දිනයක් තුලදී භාවිතා කර , මෙරට  පරිසරයට බැහැර කෙරෙන බව  පරිසර අමාත්‍යංශය අනාවරණය කර සිටී
ඒ අතර ශල්‍ය මුව ආවරණ ලක්ෂ 5ක් පමණද, කේ.එන් 95 වර්ගයේ මුව ආවරණ ලක්ෂයක් පමණ ද ඇතැයි ගණන් බලා ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කර සිටී
ඒ අනුව මුව ආවරණ පැළඳිම අනිවාර්ය කළත් ඉවතලන මුව ආවරණ සෞඛ්‍යාරක්ෂිතව බැහැර කිරීම සම්බන්ධව නිවැරදි උපදෙසක් ජනතාවට ලබාදීමට පියවර ගත යුතුව ඇති බවද අමාත්‍යංශය සඳහන් කර සිටී.
වැසි සමය ද එළැඹ ඇති බැවින් මෙසේ මුව ආවරණ බැහැර කිරීම ඉතාම භයානක ප්‍රතිඵල ඇති කළ හැකි යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා තවත් රැල්ලක ආරම්භයක් එයින් ඇති විය හැකි බව ද අමාත්‍යාංශය පෙන්වාදේ.