Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දු-ලංකා මිතුදම
නව මානයකට ගෙනයන්න
ගෙවුණු වසර ඉවහල් වූ බව
මෝදි කියයි
පැතුම් වික්‍රමරත්න
 ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබදතා නව මානයකට රැගෙන යමින් පුළුල් කිරීමට පසුගිය වසරක කාලය තුළදී හැකි වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය  කර සිටී .
ගෝඨාභය රාජපක්‍ෂ මහතා  ජනාධිපති ධුරයට පත්ව වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්  ඉන්දීය අග්‍රාමාත්‍යවරයා  මේ බව  සදහන් කර ඇත.
 දෙරට අතර සබදතා ශක්තිමත් කර ගැනීමට ඉන්දියාව සෑම විටම කැප වී සිටින බව ද මොදී මහතා මෙහිදී සඳහන් කර ඇත .
කෝවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ දෙරට අතර ඇති වූ සහයෝගීතාව තුළින් එය මනාව පැහැදිලි වන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පණිවුඩයේ දැක්වේ.
 ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළට මෙන්ම කෝවිඩ් නයින්ටීන් මර්දනයට ද ඉන්දීය රජයේ අඛණ්ඩ සහාය හිමිවන බව නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කර ඇත.