Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පිල්ලෙයාන්ට ඇප
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇප මත මුදාහැර තිබේ.
ඒ මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. විග්නේෂ්වරන් මහතා විසින් දුන් නියෝගයකට අනුවයි.
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් සමග බන්ධනාගාර ගතකර සිටි තවත් සිව්දෙනෙකුට ද ඇප හිමිවී තිබේ.
2005 වර්ෂයේ දී නත්තල් දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවැති උදෑසන දේවමෙහෙය අතරතුර ජෝසප් පරරාජසිංහම් මහතාව ඝාතනය සම්බන්ධයෙන් ඔහු බන්ධනාගාරගත කර තිබුණි.