Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහනුවර පාසල් 45ක්
 ගම් 2ක් වැසේ
කළුතර ගම් 3ක් ලොක්ඩවුන්
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
 මහනුවර නගර කලාපයේ පිහිටි පාසල් 45ක් වසාදැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව අද (26) සිට දෙසැම්බර් 4 වැනිදා තෙක් මෙම පාසල් වසා තැබෙනු ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා එය තහවුරු කළේය.
කොවිඩ් ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමග මෙම පියවර ගෙන ඇත.
මේ අතර මහනුවර අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බුළුගහතැන්න සහ තෙලම්බුගහවත්ත යන ග්‍රාමසේවා වසම්ද හුදකලා කර තිබේ.
 කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාමසේවා වසම් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිලිමන්තුඩාව ග්‍රාමසේවා වසම හුදකලා තත්ත්වයෙන් නිදහස් කළ බවය.