ඉන්දීය ආරක්ෂක උපදේශක අද දිවයිනට
පැතුම් වික්‍රමරත්න
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මහතා , විශේෂ නිල සංචාරයක් සඳහා අද දින මෙරටට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින අතර පැවැත්වෙන ආරක්‍ෂක කටයුතු පිලිබඳ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවට සහභාගිවෙම සඳහා මෙසේ දොවාල් මහතා පැමිණෙන බව ඉන්දීය තානාපති වාර්තා සඳහන් කර සිටී .
මෙම සාකච්ජා සඳහා මාලදිවයිනේ ආරක්ෂක උපදේශිකා මාරියා මොහොමඩ් මහත්මියද එක්වනු ඇති බව දැනගන්නට ඇත
එසේම ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ජා සඳහා එක්වීමට නියමිතව ඇති බවද වාර්තාවේ.