මෙරට ක්‍රියාත්මක චීන ව්‍යාපෘති කඩිනම් කෙරේ
පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකාව තුල දැනට ක්‍රියාත්මකව පවතින සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති කඩිනම් කිරීමට චීනය එකඟතාවය පළකර ඇත.
චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශනයේ 11 වන සැසියේදී මෙම එකඟතාව පළවි ඇත.
දරිද්‍රතාවය පිටුදැකීම සහ ජනතාවගේ ජීවනෝපාය නංවාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්,චීනය මෙසේ මෙරට ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘති කඩිනම් කිරීමට සැලසුම් කර ඇත
විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා හා චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලුවෝ ජාවෝහුයි මහතා මුලසුන දැරූ මෙම සැසිවාරයේදී දෙරෙටේ වෙළඳාම හා ආයෝජන ඉහළ නැංවීම සඳහාද එකඟතා පළ විය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර උපායමාර්ගික සහයෝගී හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ නැංවීම පිණිස අන්‍යෝන්‍ය සහයෝගීතාව සඳහා නව මංපෙත් දෙපාර්ශ්වය විසින්ම මෙම සැසිවාරයේදී හඳුනා ගැනුණි.