පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේනේ කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී කරන ලද මෙහෙයුමකින් කලමැටියාන ගුරුපොකුණ ධීවර වරායට ට්‍රෝලර් යාත්‍රාවකින් රැගෙන ආ කහ කිලෝ 20,000කට අධික ප්‍රමාණයක් පුද්ගලයන් පස් දෙනකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මේ මෑත කාලීනව මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස ගෙනැවිත් අත්අඩංගුවට ගනු ලැබූ වැඩිම කහ තොගයයි.
මෙම ධිවර බෝට්ටුව මුහුදු ගොස් ඇත්තේ පසුගිය 15 වැනිදා 18 වැනිදා ත් අතර කාලය තුළ දී ය.
මොවුන් ඉන්දීය මුහුදු සීමාව ආසන්නයට ගිය පසුව කුඩා බෝට්ටුවලින් රැගෙන ආ කහ මෙම යාත්‍රාවට පටවා තිබේ.
මෙහෙයුමේදී සැකකරුවන් දෙදෙනකු මුහුදට පැන තිබූ අතර ඔවුන් දෙදෙනා අද උදෑසන පිහිනා ගොස් කුඩා බෝට්ටු තුළ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
ටෝලර් යාත්‍රා හිමිකරු බේරුවල පදිංචි පුද්ගලයෙකි.