පානදුරේ ප්‍රදේශයේදී පසුගියදා ධිවර කාර්මිකයෙකුට වෙඩි තබා මරා දැමූ ඝාතකයන්ට පහසුකම් සපයා දුන් සිව්දෙනෙක් පොලීස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසිනි. එම සැකකරුවන් බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාශයට භාර දී තිබේ. සෙසු දෙදෙනා පානදුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කුලී නිවසක දින කිහිපයක් නවාතැන් ගෙන සිටි වෙඩික්කරුට සහ යතුරුපැදිකරුට ආහාරපාන ඇතුළු පහසුකම් ලබාදී ඇත්තේ මෙම සැකකරුවන් සිව්දෙනා බවත් ඔවුන් මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහිවී සිටින්නන් බවත් පොලීසිය කියයි.
මේ වන විට වෙඩික්කරු සහ යතුරුපැදිකරු රටින් පළාගොස් ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. වෙඩික්කරු මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවටත් යතුරු පැදිකරු ගුවනින් ඩුබායි වෙත ද ගොස් තිබේ.