5 ශිෂ්‍යත්ව-උසස් පෙළ විභාග කල් දමන ලෙස සජිත්ගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්

Picture of අසංක

අසංක

ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාග කල්දමන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

5 වසර ශිෂ්‍යත්ව විභාගයට ඔක්තෝබර් 3 වනදා පැවැත්වීමට නියමිත අතර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 වනදා අරම්භවීමට නියමිත ය.

විපක්ෂ නායකවරයා ඉල්ලා සිටින්නේ එම විභාග කල්දමා විෂය නිර්දේශ ආවරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසය.

විභාග දෙකම පැවැත්වෙන්නේ මෙම දරුවන් බරපතළ මානසික පීඩාවන් රැසකට මුහුණ දී සිටින තත්ත්වයක් තුළදී බව විපක්ෂ නායකවරයා නිවේදනයෙන් නිකුත් කරමින් පෙන්වා දෙයි.