5 ශිෂ්‍යත්ව විභාගයට මෙවර සිසුන් ලක්ෂ 3ක්

Picture of අසංක

අසංක


5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (04) පෙරවරු 9.30 සිට දහවල් 12.00 දක්වා පැවැත්වීමට නියමිත ය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 339,367කි.

මේ අතර හෙට (05) ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට ද සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 337,704කි.

මධ්‍යස්ථාන 2678කදී විභාගය පැවැත්වෙනු ඇති.