නවතම පුවත්

ශ්‍රී ලංකාවට ලැබුණු කොවිඩ් එන්නත් මාත්‍රා ප්‍රමාණය,කෝටිය ඉක්මවා යයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට මේ වනවිට  හිමිව ඇති සමස්ත කොවිඩ් එන්නත් මාත්‍රා  ප්‍රමාණය කෝටිය ඉක්මවන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනාවරණය කර සිටී ..

ඒ අතර ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 1,264,000 ක්  චීනයේ සයිනොෆාම් එන්නත් 7,100,000ක් , රුසියාවේ  ස්පුට්නික් V එන්නත් මාත්‍රා 180,000ක් ,  ෆයිසර් එන්නත් මාත්‍රා 128,700ක් හා මොඩර්නා එන්නත් මාත්‍රා 1,500,000ක් ද වන බව රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය

මේ අතරින් කොවිඩ් මාත්‍රා 3,364,100ක් මෙරටට ලැබී ඇත්තේ ප්‍රදානයන්  ලෙස බවත් පැවසු චන්න ජයසුමන මහතා එන්නත් මාත්‍රා 6,808,700ක් රජය විසින් මිල දී ගෙන ඇතැයි ද පැවසීය.

ඉදිරි සති දෙක තුළ සිනොෆාම් එන්නත් මාත්‍රා 5,600,000ක් හා ජපාන රජයේ ප්‍රදානයක් ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 1,470,000ක් මෙරටට ලැබීමට නියමිත බව ද ඒ මහතා කියා සිටියේය.

මේ දක්වා මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා භාවිත කර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 7,573,967ක් බවද  ඒ මහතා පැවසීය

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?