ඊයේ දිනයේ කොවිඩ් මරණ 56 ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ (29) සිදුවූ කොවිඩ් මරණ 56ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  අද (30) දින තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,380ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කොවිඩ් මරණ 56න් 18 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 38දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. මියගිය පුද්ගලයින්ගෙන් 15 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.

සෙසු පුද්ගලයින් 41දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අය වේ.