නවතම පුවත්

ගැරඬිඇල්ලේ අතුරුදන්වූ තරුණයාගේ සිරුර හමුවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(කහවත්තේ තුෂාර හෙට්ටිආරච්චි )

කුරුවිට පොලිස් බලප්‍රදේශයේ වලඳුර ගැරඬිඇල්ලේ පෙරේදා සවස (05) දිය නෑමට ගිය තරුණයෙකු දිය පහරට හසුව අතුරුදහන් වී සිටි පුද්ලයාගේ සිරුර අද (06) සවස 16.00 ට සොයා ගත් බව කුරුවිට පොලීසිය පවසයි.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ කුරුවිට ගැමුණු හේවා ⁣රෙජිමේන්තුවේ සේවය කරන කැප්ටන් සුරන් රණසිංහ නැමති තිස් දෙහැවිරිදි අයෙකි. දෙදරු පියෙකු වන මොහු මිල්ලවිටිය පදිංචි කරුවෙකු බව පොලීසිය කියයි. කපිතාන්වරයාගේ සිරුර සොයා ගෙන ඇත්තේ කුරුගඟ පහළ කොටසේ තිබියදීය.

පසුගිය 05 දා සවස් වරුවේ වලඳුර ගැරඬිඇල්ලේ පිහිටි දියවලක හිතමිතුරන් සිව්දෙනෙකු දිය නෑමට ගොස් ඇත.

පළමුව ⁣මේ අයගෙන් දෙදෙනෙකු දිය නා ගොඩට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා දිය නාමින් සිටිය දී එකවරම පැමිණි සැඩ දිය පහරකට හසුවී ගසා ගෙන ගොස් ඇත.

එක් අයෙකු ගසක අත්තක එල්ලි දිවි බේරාගෙන ඇති අතර අනෙක් තරුණයා අද සවස වන තෙක්ම සොයා ගැනීමට නොහැකිවූ බව පොලීසිය පවසයි.

කුරුවිට පොලිසිය සමග එක්ව කුරුවිට යුධ හමුදා කඳවුරේ සහ නාවික හමුදා නිලධාරීන් පිරිසක් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් පුද්ගලයාගේ සිරුර සොයා ගෙන ඇත.

කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීම යටතේ වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි