නවතම පුවත්

විශාලතම රාජ්‍ය ආයතන පහ , දිනකට රු. මිලියන 384ක් පාඩු ලබනවා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය ව්‍යාපාර 5 වන, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ස.තො.ස,ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක් දිනක් තුළ දී ලබන පාඩුව රු. මිලියන 384 ක් බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඇඩ්වොකාටා ආයතනයේ වෙබ් අඩවියේ අද (07) දිනයේ දී පළ වූ වාර්තාවක් පහතින් දැක්වේ.

‘ගියපාර ලියපු මගේ articel එකට කෙනෙක් comment කරලා තිබුණා අපි ඛනිජ තෙල් සහ විදුලි බලය මුදල් වලට ගන්නවා නම් කොහොමද මේ ආයතන පාඩු ලබන්නේ කියලා. ඒවගේම මෙච්චර ණය වෙලා තියෙන්නේ කොහොමද කියලත් අහල තිබුණා. ඉතින් මම හිතුවා මේකට පිළිතුරක් ලියන්න.

ඇඩ්වොකාටා ආයතනයේ වර්ගීකරණයට අනුව ලංකාවේ රාජ්‍ය සතු ව්‍යපාර 527ක් තියෙනවා. හැබයි මහ භාණ්ඩාගාරයේ හදුනාගත් ක්‍රමෝපායික රාජ්‍ය සතු ව්‍යපාර 52 ක් තියෙනවා. 2006 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා මේ ව්‍යාපර 52ක ලබපු මුලු පාඩුව රු. ට්‍රිලියන 1.2ක් වෙනවා.

2020 වෙනකොට ලංකාවේ ලොකුම රාජ්‍ය සතු ව්‍යාපාර 5 වුනු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ස.තො.ස,ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක දවසකට ලබන පාඩුව රු.මිලි. 384ක් වෙනවා.

අපි දැන් බලමු මේ ප්‍රධාන රාජ්‍ය සතු ව්‍යාපාර කොච්චර පාඩු ලබනවාද කියලා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2009 වසරෙන් පස්සේ 2020 වෙනකන් කවමදාවත් ලබා ලබලා නැහැ. රු.බිලි. 47 ක පාඩුවක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2020 දී ලබලා තියෙනවා. රජයේ ඇපකර මත ලබා ඇති ණය (ඒ කියන්නේ රාජ්‍ය සතු ව්‍යාපාර වලට මොකක් හරි ණයට ගන්න ඕනේ වුනාම රජය ඇප වෙලා ගත්ත ණය ) ප්‍රමාණය රු.බිලි. 43ක්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවුරුදු 2 කට පස්සේ 2020 තමයි ලාබ ලැබුවේ. 2018 හා 2019 අවුරදු වලදි ලබපු පාඩු රු.බිලි. 105ක් හා රු.බිලි.10ක්. බැංකු සදහා නොපියවූ ණය (outstanding debt to banks) ප්‍රමාණය රු.බිලි 524ක්.

ලංකා විදුලිබල මණ්ඩලය 2020 අවුරුද්දේ ලබපු පාඩුව රු.බිලි. 62. ඔවුන් දරණ සම්පුර්ණ ණය ප්‍රමාණය රු.බිලි 96 වෙනවා.

 

දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මෙච්චර මේ රාජ්‍ය සතු ව්‍යපාර පාඩු ලබන්නේ ඇයි කියලා.

මේකට තියෙන එක ප්‍රධාන හේතුවක් තමයි මේ රාජ්‍ය සතු ව්‍යාපාර බහුතරයකට තියෙන්නේ ඒකාධිකාරී බලයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ මහජනතාවට ලබාදෙන සේවය වෙන කවුරුත් ලබාදෙන්නේ නැ. උදා: ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය. එතකොට මේ ආයතන වලට අරමුදල් සපයන්නේ රජයේ භාණ්ඩාගාරය තුලින්. එතකොට කොච්ච්ර පාඩු ලැබුවත් කවුරුත් මුකුත් කියන්නේ නෑ මොකද මේ සේවය ලබා දෙන්න වෙන කෙනෙක් නැති නිසා. ඇත්තටම පුද්ගලික අංශයේ ආයතනයකට ඒකාධිකාරයක් තිබුණනම් හොදට ලාභ ලබනවා. මොකද කිසිම තරගයක් නැති නිසා. ඒත් ඒකාධිකාරයක් තිබිලත් අපේ රාජ්‍ය ආයතන වලට ලාභ ලබන්න බෑ. එච්චරට අකාර්යක්ෂමයි. ලාභ ලබන බොහො රාජ්‍ය ආයතනත් ලාභ ලබන්නේ ඒකාධිකාර සහ බදු වලින් සහනයක් අරගෙනයි.

තවත් එක් හේතුවක් තමයි මේ ආයතනවල වැඩ කරන සේවක පිරිස. මහ බැංකු වාර්තාවට අනුව 2020 වර්ෂයේ ලංකවේ රාජ්‍ය අංශයේ මුළු සේවක පිරිස මිලියන 1.5 වෙනවා. සමහරක් ආයතනවල ඕනෙවටත් වඩා සේවකයින් ඉන්නවා. ඉතින් පඩිනඩි ලබලා දෙන්න ගියාම ඉතින් ලොකු වියදමක්.

තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ගොඩක් සේවා, ඒ කියන්නේ විදුලිය, වතුර, තෙල් වගේ දේවල් මිනිසුන්ට රජය ලබලා දෙන්නේ සහන (subsidary) මිලකට. එතකොට ඒකෙන් එන පාඩුවත් දරාගන්න ඔනේ රජය.

ඉතින් ඔන්න ඕකයි පිලිතුර. මෙච්චර පාඩු ලබලත් මෙච්චරකල් දුවන්නෙත් ඔන්න ඔය හේතු හින්දයි. ඉතින් මේකෙන් ගොඩ එන්න නම් අපිට මෙ රාජ්‍ය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. මෙක හැමෝම පිලිගන්න මතය නොවුනත් අවුරුදු ගනන් පාඩු ලබන ව්‍යාපාර පෞද්ගලීකරණය කරන්න ඔනේ.

මොකද මේවා තව පාඩු ලබන කොට එකේ බරත් වැටෙන්නේ මහජනතාවට තමයි.

තත්සරණී සිරිවර්ධන

(2021.02.07)

 

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී