නවතම පුවත්

හෙට කැබිනෙට්ටුවට භාර දෙන 21වැනි සංශෝධන යෝජනා මෙන්න!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම්පත සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනා හෙට (25) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු පැවසුවේ නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම හෙට පස්වරු 5.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව ඇති බවයි.

සමගි ජන බල‍වේගය,එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධින වූ මන්ත්‍රි කණ්ඩායම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීම සඳහා සිය පක්ෂ වල යෝජනා පසුගියදා පාර්ලිමේන්තුවේදි කතානායකවරයා වෙත භාර දුන්නේ ය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ , ඒම යෝජනා කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා වෙත මේ වන විට යොමු කර ඇති බවයි.

කැබිනට් මණ්ඩලයට යොමු කරන ඒම යෝජනා සඳහා අනුමැතිය ලැබීමෙන් පසුව 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේදි පාදක කර ගැනීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමෙන්තුව වෙත යොමු කිරීමට නියමිතව තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය කඩිනමින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අහෝසි කර 19 වන සංශෝධනයේ අඩුපාඩු මගහරවා ගනිමින් සාධනීය වෙනස්කම් සහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සශෝධනය ලෙස ගෙන ඒමට පසුගියදා පාර්ලිමෙන්තුවේ පක්ෂ නායකයින් සිය එකඟතාවය පල කළේ ය.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ, 20 වන සංශෝධනයේ අංග ඉවත්කොට 19 වන සංශෝධනයේ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත්කොට බල තුලනය කිරීම එහි අරමුණ බව යි.

මෙම සංශෝධනය කතානායකවරයාට භාරදෙමින් විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ මෙවැන්නකි .

“අද දින අපි 40 දෙනා ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් ඔබ තුමාට භාරදුන්නා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. මූලික වශයෙන් අපි බලාපොරොත්තු වන්නේ 20 සංශෝධනයෙන් ගෙනාපු ගුණාංග එතනින් ඉවත් කරලා, 19 වැනි සංශෝධනයේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවත වතාවක් ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවට ඇතුළත් කරලා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයෙන් විධායක – ව්‍යවස්ථාදායක බල තුලනයක් මඟින් රටේ පරිපාලනය ගෙනයාම සඳහා යි,ඒ සඳහා කතානායකවරයාගේ සහයෝගය අපෙක්ෂා කරනව.”


“විශේෂයෙන්ම ඔබතුමාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ආණ්ඩු පක්ෂයටත්, ජනාධිපතිතුමා, අගමැතිතුමා දැනුවත් කරලා මෙම සංශෝධනය ඉතා ඉක්මනට සම්මත කරගැනීමට සහයෝගය ලබා ගන්න ඔබතුමාගෙන්. මොකද මේ රටේ ජනතාව අද ඉල්ලන සංශෝධනයක් මේක, බලාපොරොත්තු වන දෙයක්. ඒක නිසා ඔබතුමාගේ වගේම ගරු සභාවේ සියලුම මැති ඇමතිවරුන්ගේ සහයෝගය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා,”


කතානායකවරයාගේ සභාපතීත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනා අදාළ කෙටුම්පතට ඇතුළත් කර තිබේ.

ඊට අමතරව,

මැතිවරණ කොමිෂන් සභාව
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
ජාතික පොලිස් කොමිෂන් සභාව
විගණන සේවා කොමිෂන් සභාව
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව
මුදල් කොමිෂන් සභාව
සීමා නිර්ණය කොමිෂන් සභාව
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
ආදී ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම පිළිබඳ කරුණු එහි ඇතුළත් අතර, මැතිවරණ කොමිෂන් සභාව හැර අන් සියලු කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත්, පාර්ලිමේන්තුවට පිළිතුරුදීමට බැඳී සිටිය යුතු බවත් කෙටුම්පතේ දක්වා ඇත.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරන ලද නිර්දේශයක් මත, සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, කොමිෂන් සභාවල කිසිම ධුරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුතු බව ද කෙටුම්පතේ සඳහන් ය.

සමගි ජන බලවේගයෙනුත් විධායක ජනපතිධුරය අහෝසි කිරීමේ යෝජනාවක්,
විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ඇතුළු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා වන නව යෝජනා ඇතුළත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් කතානායකවරයා වෙත පසුගීයද (අප්‍රේල් 21) භාරදෙනු ලැබීය.

විපක්ෂ නායක කාර්යයාලයේ දී අදාළ කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත භාර දී ඇති අතර ඉන් අනතුරුව කතානායකවරයා වෙත එම කෙටුම්පත යොමුකර තිබේ.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදා හැරීමට අදාළ සංශෝධනය, 20 වන සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි යෝජනා කිහිපයකින් කෙටුම්පත සමන්විත වෙයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී