BREAKING NEWS


Share now!

සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම හෙට (19) වන බ්‍රහස්පතින්දා දින සිට සිදුකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අද දිනයේ පෙට්‍රල් බෙදාහැරීම සීමිතව සිදුවන බැවින් පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ද එම සංස්ථාව නිවේදනය කළේය.

පෙරේදා දිනයේදීද බලශක්ති අමාත්‍යවරයා ජනතාව වෙත දැනුම් දී තිබුණේ ඉන්ධන පිරවුම්හල් වෙත සම්පූර්ණයෙන්ම බෙදාහැරීමට දින 3ක් අවශ්‍ය වෙන බැවින් ‍හෙට දක්වා ගෙවුණු දින 3 තුළ පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි.

එහෙත් ඊයේ දිනයේදීත් ජනනතාව තෙල් පෝමිව්ල රැඳී සිටිනු දක්නට හැකිවිය.