නවතම පුවත්

පොදුරද මඩුළු ක්‍රීඩාවලට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 10ක්ම අතුරුදන්

අසංක

අසංක

එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙක් මේ වනවිට අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බර්මිංහැම්හිදී ඔවුන් අතුරුදන් වී ඇත්තේ සිය තරග අවසානයෙන් පසුව ය.

මෙරට ක්‍රීඩා බලධාරියෙක් උපුටා දක්වමින් AFP පුවත් වාර්තා කර ඇත්තේ ඔවුන් මෙලෙස අතුරුදන් වූයේ රැකියාවක් සොයාගෙන බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ උත්සාහයක් ලෙස වන්නට ඇති බව ය.

ක්‍රීඩකයින් 9 දෙනෙක් සහ කලමනාකරුවෙක් මෙලෙස අතුරුදන්වී ඇත. ජූඩෝ ක්‍රීඩිකා චමිලා ඩිලානි, ඇගේ කලමනාකරු අසේල ද සිල්වා සහ මල්ලවපොර ක්‍රීඩක ශනිත් චතුරංග අතුරුදන් වූ බව පසුගිය සතියේ වාර්තා විය. අතුරුදන් වූ සෙසු ක්‍රීඩකයින් කවුරුන් දැයි අනාවරණය කර නැත.

ඔවුන්ට මෙම තරගාවලිය වෙනුවෙන් මාස 6කට වලංගු වීසා බලපත්‍ර හිමිව තිබීම සහ එරට කිසිදු නීතියක් උල්ලංඝනය නොකිරීම නිසා පසුගිය සතියේ අතුරුදන් වූ තිදෙනාට ද නීතිමය ක්‍රියාමාර්ග නොගත් බව එරට පොලීසිය පවසා තිබුණි.

විදේශීය තරගාවලි සඳහා යන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම රටවල නතරවීමේ සිද්ධීන් මීට පෙර ද වරින් වර වාර්තා වී තිබෙන අතර එවන් සිද්ධියක් පාදක කරගනිමින් බිහිවූ සිනමාපටය ද අතිශය ජනප්‍රියත්වයට පත්විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්