නවතම පුවත්

එතෙරදි වැයකරන්නේ මගෙ සල්ලි – ගෝඨාභය දැනුම් දෙයි

අසංක

අසංක

මේ වනවිට විදේශගතව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය එතෙර වියදම් පිළිබඳ ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා වැරදි බවට දැනුම් දුන්නේ යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එතෙර සියලු වියදම් සඳහා වැය කරනුයේ සිය පෞද්ගලික මුදල් බව අවධාරණය කළ බවට එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

එම නිවේදනයේ දැක්වෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය කරන්නේ නැති බවත් එබඳු සියලු වියදම් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් දරන බව ය.

සතියේ ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද (16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් ගැන මාධ්‍ය වේදියෙක් ප්‍රශ්නයක් නැගීය.

හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන්ට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බවට ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ සඳහන හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජය මුදල් වැය කරන බව ඇඟවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බලන බවද අමාත්‍යවරයා පැවසීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි