BREAKING NEWS


Share now!

ඉදිරි දිනවලදී පැමිණීමට නියමිත ඉන්ධන තොග සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිවේදනයක් කර තිබේ.

ඒ අනුව, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් හෙට ගොඩබෑමට නියමිතය.

දෙවැනිබොරතෙල් නෞකාව අද රාත්‍රියේ පැමිණීමට නියමිතය.

ඔටෝ ඩීසල් නැවක් ලබන 25-26 අතර දිනවල දී මෙරටට පැමිණීමට නියමිතය.

92 වර්ගයේ පෙට්‍රල් නැවක් ලබන 27-29 දින පැමිණීමට නියමිතව තිබේ.

භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම ඊයේ සිට ආරම්භ කරන ලද බවද අමාත්‍යවරයා කියා සිටී.