නවතම පුවත්

යුරෝපයේ ගෑස් අර්බුදය උග්‍ර අතට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුරෝපා සංගමයට අයත් රටවල් මේ වනවිට දැඩි ගෑස් අර්බුදයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ, යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින් රුසියාව සමග ඇති කර ගත් මතභේදාත්මක තත්ත්වය සහ ඒ හමුවේ අඛණ්ඩව ගෑස් මිල ඉහළ යාම හමුවේයි.

පවතින තත්ත්වය අනුව ස්වාභාවික ගෑස්වල මිල අඩු කර ගැනීමට අවශ්‍ය පියවර නොගතහොත් යුරෝපා රටවල් එළඹෙන සීත ඍතුවේදී බරපතල තත්ත්වයකට මුහුණ පානු ඇති බවයි බෙල්ජියම පවසන්නේ.

යුරෝපා රටවල් රැසක ගෑස් මිල සහ විදුලි පිරිවැය ඉහළ යාම කෘතිමව නිර්මාණය වූවක් බව හා එය වහා සමනය කර ගැනීම යුරෝපානු රටවල් විසින්ම සිදු කළ යුතු බවයි බෙල්ජියම් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. එසේ නොවුනහොත් එළඹෙන සීත ඍතුව පමණක් නොව තවත් බොහෝ කාලයක් ගෑස් මිල සහ විදුලි පිරිවැය ඉහළ යාමෙන් යුරෝපය පීඩාවට පත්වනු ඇති බව ද බෙල්ජියම් බලධාරීන් පෙන්වා දී තිබෙනවා.

යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින් අමෙරිකාව හා එක්ව රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට යුරෝපා රටවල් කටයුතු කළා. ඊට ප්‍රතිචාර දක්වමින් යුරෝපයට සිදු කරන ගෑස් සැපයුම කප්පාදු කිරීමටයි රුසියාව කටයුතු කළේ. යුරෝපයේ ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 40 ක් පමණ සපුරා ගන්නේ රුසියාවෙනි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්