BREAKING NEWSක්‍රීඩාසේයාරූ


Share now!

ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ 5ක චෙක්පතක් මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක් ලෙස ලබා දී තිබේ.

කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක මේ වනවිට පැවැත්වෙන උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම චෙක්පත භාරදී ඇත.

ආසියානු ක්‍රිකට් හා නෙට්බෝල් ශූරයින්ට සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරයින් වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එසේම ජයග්‍රාහී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රුපියල් මිලියන 2ක් මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන10ක්, ලෝකඩ පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන 5ක් සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට 25%ක් වශයෙන් වන මුදලක් ක්‍රීඩා අරමුදලින් ලබාදීමට සැලසුම් කර ඇත.