Corona Live Update


Share now!

කොළඹ ජාතික රෝහලේ උරස් හා හෘද රෝග ශෛල්‍ය ඒකකයේ සැත්කම් සඳහා යොමු කිරීමට නියමිතව සිටි රෝගීන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ හේතුවෙන් එම රෝගීන් නැවත නිවෙස් වෙත පිටත් කර හැරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

හෘද සැත්කම් සඳහා රෝගීන් 15 දෙනෙකු පමණ ඉකුත් දිනවල කොළඹ ජාතික රෝහලේ උරස් හා හෘද රෝග ශෛල්‍ය ඒකකයේ නේවාසිකව රැඳී සිට ඇති අතර ඒ අතරින් 10 දෙනෙකුට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.