නවතම පුවත්

99 මතක තබා ගන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

99 remember – 99 මතක තබා ගන්න යැයි කියු නිසා කවදාවත් කිසිදු ලිපියක් ඉලක්කමකින් ලියන්න පටන් නොගන්නා මා අද ලසිත් මාලිංගේ 99 වෙනුවෙන් මගේ ලියවිල්ල වෙනස් කළා.

99 කියන අංකය එකතු කළාම එන අංකයෙන් ජය අංකය හෙව්වත් ඒ එන්නෙත් 9. අපි අහලා තියෙන්නෙ 9 නපුරුයි කියලා. මාලිංග තමන්ගෙ අතට ලැබුණු පන්දුව අන්තිම නරකයි නපුරුයි කියලා ලෝකයේ පිතිකරුවන්ට කියලා දුන්නෙ මේ 9 ඉලක්කම් දෙකෙන්.

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් නියෝජනය කළ 99 වැන්නා වෙලා 99 මතක තබාගන්න කියලා යන්න තරමට ක්‍රිකට්වලට ශ්‍රි ලංකාවට ලෝකෙට යමක් ඉතුරුකරන්න මාලිංග සමත්වුණා. අංක 9 තමයි අර්ජුණ රණතුංගගෙ අංකය.

ඔහු 1996 ලෝක කුසලාන ජය ශ්‍රි ලංකාවට අරන් දෙන්න නායකත්වය දැරුවා. 99 ලසිත් මාලිංග අපට 2014 විස්සයි 20 ලෝක කුසලානය ලබාගන්න නායකත්වය ලබා දුන්නා.

2004 මාලිංග පළමු ඔස්ට්‍රේලියා සංචාරයට සහභාගිවෙලා ලංකාවට ආවම රත්ගම තමයි ප්‍රධාන පිළිගැනීමේ උත්සවය සංවිධානය වුණේ.
මම ඒ වෙනකොට මහින්දයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. තීන්දුවක් ගත්තා මාලිංග පිළිගන්න උත්සවයට ශිෂ්‍ය නායකයො රත්ගම යන්න ඔන කියලා. සමහරු එදා මගෙන් ඇහුවා රත්ගම හන්දියේ මහින්දෙ වයිට් බ්ලේසර් දාලා බැච් ගහන්නෙ මොකටද කියලා. අපේ බැජ් එක තරුවක්.

අව් කට්ටෙ අපි එදා රත්ගම හන්දියේ පාර දෙපැත්තෙ බ්ලේසර් දාගෙන ටයි දාගෙන තරු ගහගෙන හිටියා. ඒ මාලිංග පිළිගන්න. ඒ වෙනකොට මාලිංග ගැන උණුසුමක් මේ රටේවත් හරිහැටි තිබුණෙ නැහැ. මහින්දෙ ක්‍රිකට් භාර ආචාරයවරු, පුහුණුකරුවන්, ගුරුවරු මේ උත්සවයට හරි හරියට දායක වුණා. එහෙම කිව්වට ඒකත් පුංචි උත්සවයක්.

මාලිංගගේ පාසල් අතීතය ගැන මාලිංග ඉතා සවිස්තරාත්මකව පසුගිය කාලයේ මෙන්ම සමුගැනීමේ කතාවේත් ඉතා පැහැදිලිව සදහන් කළා.
“ මාව අදුනගත්තෙ ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්ති ධර්මප්‍රිය සර්. සර් මේක බලාගෙන ඇති. සර් තමයි මාව එක මැච් එකකදි දැකලා මාව එදා රෑම මහින්ද විද්‍යාලයට ගන්න ඔන කියලා අපේ ගමේ සර් කෙනෙක් අතේ පණිවුඩය එව්වෙ. ඉතිං මම ඒ සර්ට ගොඩක් පිං දෙනවා. මාව අද ජාත්‍යන්තර තලයේ ක්‍රිඩකයෙක් බවට පත්කරන්න මුලින්ම මාව හොයාගත්තට ” මාලිංග පැවසු ඒ කතාව සියලු මහින්දයීයන්ගේ හදවත සිසාර යනවාට සැක නැත.

මාලිංග ගේ මේ කතාවෙන් ඔහු මුලින් අකුරු කළ තිරාණගම විද්‍යාතිලක විද්‍යාලයට හෝ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට අඹමල් රේණුවක අඩුපාඩුවක් සිදුවන්නේ නැත. මාලිංග තමන්ගේ පාසල් ලැයිස්තුව දැන් එක පෙළට කියයි. හැම පාසලකටම මාලිංගගේ ගෞරවය හිමිය.
මාලිංගගේ ඉහත කතාවේ ගමේ සර් අපි කවුරුත් දන්නා හදුනන කෝලිත සර්ය. එකල විදුහල්පති ඩී‌‌.කේ අතුකෝරළ සර්ය. භාර ආචාර්ය බන්දුල පිලානවිතාන සර්ය.

19 පහළ පළමු පෙළ මහින්ද ක්‍රිකට් කණ්ඩායම මාලිංග නියෝජනය කළේ 2000/2001 වර්ෂයේය.

2000/2001 වර්ෂයේ මාලිංග ක්‍රිඩා කළ කණ්ඩායමේ නායකයා ගීතාංග ලියනගේය. චතුර අතුකෝරල, එන්.එස් සුමනසේකර (නැසීගිය) සංජීව පියචින්තන, දර්ශන කුමාර, චරිත් කීර්තිසිංහ, රොහාන් විජේරත්න, තරිදු රන්දිම, ජී.වී රොෂාන්, ප්‍රශාන් වීරවර්ණ, ප්‍රදීප් චන්දිත,ලසිරි චානක විජේතුංග, කසුන් විමලරත්න, තිලිණ රාජකරුණා, විදුෂ ජාලත්, ටොත්මල් ලන්කින්ද නානායන්නාර, ජී.සී දනුෂ්ක මෙසේ මාලිංග සමග එකට පේදිකුඹුරේ ක්‍රිඩා කළ හා පුහුණුව ලැබු කණ්ඩායමය.

ඇත්තටම අපට වඩා මාලිංග ගැන රස කතා දන්නේ ඔවුන්ය. මාලංගට අද මෙන්ම එදත් තිබු අරමුණ හැකියාව වර්ධනය කර ගැනීමය. 2000/2001 වසරේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී ඉනිමක කඩුල්ලක දෙකක හිමිකරුවන මාලිංග 2002/2003 තරගවාරයවනවිට කඩුලු තුන හතර බිද දමන පාසල් වේග පන්දු යවන්නෙකි.

මහින්ද -රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටනේ කඩුලු 4 දවාගත් ලැයිස්තුවට තමන්ගේ නම ඉතිහාසගතකරන මාලිංග 2001,2002,2003 මහා ක්‍රිකට් තරගවල පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්කුවේය.
මාලිංග අන්තර් සමාජ ක්‍රිකට් තරගවලට හදුන්වාදෙමින් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම දක්වා පැමිණීමට මග විවර කර දෙන්නේ රිච්මන්ඩ් ආදි සිසුවකුවන චම්පක රාමනායකයි. මුලින්ම මාලිංග කණ්ඩායමට තෝරා ගන්නේ මහින්ද හා ආනන්ද ආදි සිසුවකුවන එකල නායක මාවන් අතපත්තුය.

මාලිංග කියන කතාවල ඇතැම් කරුණු මෙසේ ලියා දැමීමට හේතුවන්නේ එක් දිනෙක මාලිංග විවේචනය කළ මා මාලිංගට අමතක මාලිංග යැයි අවුරුදු 6-7 කට ඉහතදී ලිපියක් ලියු නිසාය. එකල මට තිබුණේ මාලිංගට පාසල් කාලය සහ අත හිත දුන් පිරිස අමතක වීදෝ වැනි කුකුසකි.

පාසලට පැමිණ මහින්දෙ ළමුන් සමග එක් මොහොතක් හෝ මාලිංග ගත කොට යා යුතුය වැනි හැගීමක් මට තිබිණි. මාගේ ලිපිය කියවා මට පිළිතුරු දෙන්නාක් මෙන් මාලිංග සමුගැනීමේ කතාවේදී අතීතයේ තමන්ට සුවිශේෂි වු සෑම කඩඉමක්ම ඉතා පැහැදිලිව නිරවුල් කර දුන්නේය.

අකුරු කොටන්නන්ගේ අදබාල බේගල් කෙප්ප කොට සත්‍ය කතාව මුළු‌ ලෝකෙටම ඇහෙන්නට කීවේය. ඇත්තෙන්ම මා බලාපොරොත්තුවෙන් සිටියේද ඒ සත්‍ය කතාවයි.

රිච්මන්ඩ් ආදි සිසු චම්පක රාමනායකට අගනා සිහිවටනයක් 99 ටී ෂර්ටය රාමු‌කොට ලබා දී ඔහු ඔහුගේ කෘතගුණ මනාව ලොවට පෙන්නුවේය. මහින්දයීයකු ලෙස රිච්මන්ඩ්වරයකු ඉදිරියේ පෙන්වූ ඒ කෘතගුණ සැලකීම මහින්ද-රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටනට අලුත් සංකල්පයක් එක්කළා වැනිය.

මේ සිදුවීම බලාගෙන අප සිටියේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ President’s box ( ක්‍රිකට් සභාපතිගේ ආරාධිත) මණ්ඩපයේය. අපට පහසුකම් සැලසු මනුෂ නානායක්කාර මන්ත්‍රිතුමා අපි කියන්නෙ අයියා කියලා, වෛද්‍ය උපුල් ගුණසේකර අයියා, 2004 රත්ගම හංදියේ මා සමග මාලිංග පිළිගැනීමේ ශිෂ්‍ය නායක මුරයට එක්වු සංජය නල්ලපෙරුම මල්ලි සහ මම මේ තරගය බැලුවේ ඉතා ආශ්වාදයෙනි.

නල්ලපෙරුමට සහ මට මතකයට ආවේ 2004 අද දමා සිටින මහින්දෙ ටයි පටිය පැළද මාලිංග (99) පිළිගැනීමට ගිය අප අද මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගන්න දිනයේද එම ටයි පටියම පැළද සිටීමයි.

ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ ක්‍රීඩා මණ්ඩපයක් පිටතින් ශ්‍රී ලංකා කොඩි අතරේ මහින්ද කොඩියක්ද දමා තිබිණි. මහින්ද ආදි සිසුන් රැසක් ක්‍රීඩා මණ්ඩපවල හිද තරගය නැරඹු අතර රූපවාහිනියෙන් තරගය නරඹමින් තබත් බොහෝ මහින්දයන් නිහඩව මාලිංගගේ පෞඩත්වය මහින්ද අභිමානය හා මුසුකරමින් හදවත ඇතුලේ නිධන්කොට ගත්හ.

මාලිංගට අමතක මාලිංග – අතීතය මතක මාලිංග ලෙස අලුත් පිටුවක් පෙරළා තිබේ. 99 එහි සදාදරනීය මතකයයි. පිටිය වටා යමින් 99 remember යැයි සලකුණු කළ කැප් මාලිංග ක්‍රිකට් ලෝලීන්ට විසි කළේය.

මාලිංගගෙ හැටි එහෙමය. කැප් එකක් නැතත් 99 කාටත් මතකය. 99න් බෙරුණා යැයි කියනවිට දැන් මාලිංග නිසා බේරුණා යැයි කියන තරමට 99 ප්‍රසිද්ධය.

මාලිංග ක්‍රිකට් පිටියට සමුදුන්නේ අතීතය මතක තබා ගැනීම හැකියාවට වටිනාකම් සොයා ගැනීම ඇතුළු බොහෝ කරුණු පාඩම් කොට මතක තබා ගන්නයැයි කියන්නාක් මෙනි. අතීතය මතක නම් ඔනෑම අයෙක්ට අනාගතය ගැන බියක් ඇති කර ගත යුතු නැත.

කවදා හෝ බියක් දැනුනොත් 99 මතක් කරගන්න.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි