නවතම පුවත්

G+ වසා දැමේ – දත්ත රැකගන්නේ මෙහෙමයි

අසංක

අසංක

ගූග්ල් සමාගමේ Google Plus සමාජ ජාලය වසා දැමීමට එම සමාගම තීරණය කර තිබේ. එබැවින් එහි ඇති ඔබගේ දත්ත ආරක්ෂා කරගැනීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පරිවර්තන සමූහය නිවේදනය කර ඇත. එම නිවේදනය පහත දැක්වේ.

“2011 වසරේදී ගූගල් සමාගම හදුන්වාදුන් Google Plus සමාජ ජාල අඩවිය වසා දැමීමට කටයුතු කරන බවට පසුගියදා නිල වශයෙන් එම සමාගම දැනුම්දී තිබෙනවා.පරිශීලකයන් මිලියන 395 කට වඩා වැඩි ප්‍රමාණයක් සිටින මෙම සමාජ ජාල අඩවිය වසාදැමීමට හේතුව වී ඇත්තේ පසුගිය වසරේ එම අඩවිය භාවිතා කරන පරිශීලකයන්ගේ දත්ත කාන්දුවීමක් පදනම් කරගෙනයි. ලබන අප්‍රේල් 2 වෙනිදා සිට මෙම සමාජ ජාල අඩවිය ක්‍රියාත්මක නොවන අතර සියලුම පරිශීලකයන්ගේ දත්තද මේ මගින් මකාදැමීමට ගුගල් ආයතනය  කටයුතුකරනු ලබනවා. මෙම මකාදමනු ලබන දත්ත අතරින් ඔබට ලබාගතහැකි දත්ත පහත ලැයිස්තුවෙන් දැක්වේ.

ඔබ විසින් නිර්මාණය කරනු ලැබූ පොස්ටු කමෙන්ට්

ඔබ විසින් නිර්මාණය කරනු ලැබූ එකතුවන් (collections)

ඔබ විසින් නිර්මාණය කරනු ලැබූ ඉසව් සහ ආරාධනය ලැබුණු ඉසව් (events)

ඔබගේ Google Plus ගිණුම් දත්ත

ඔබ සාමාජිකත්වය දැරූ සමූහ වල විස්තර (communities)

ඉහත සදහන් දත්ත මකාදැමීමක් සිදුකරද අප්‍රේල් 2ට පෙර එම දත්ත ලබාගැනීමට Google Plus පරිශීලකයන්ට හැකියාවක් තිබෙනවා. ඒ පහත දැක්වෙන යොමුවට ගොස් ඔබගේ google plus ගිණුම් දත්ත භාගත කරගැනීමෙන් හෝ නැත්තම් ඒ දත්ත අඩංගු ගොනුව තමන්ගේ google drive වෙත සුරැකිමෙන්ය. ( https://goo.gl/Yjfk8E )

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි