මෙරට ආර්ථිකය ගැන ලෝක බැංකුවේ නවතම වාර්තාව මෙන්න –

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට ආර්ථිකය අර්බුදයට පෙර මට්ටමට ළඟාවුවද එය අසම්පූර්ණ මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි.

සමස්ත ආර්ථිකය යථාවත්වීමේ වේගයට සාපේක්ෂව ගෘහ ආදායම් සහ ශ්‍රම වෙළෙඳපොළ තත්ත්වයන් තවමත් පසුගාමී මට්ටමක පවතින බව ද ලෝක බැංකුව සඳහන් කළේය.

එමෙන්ම මෙම වසරේදී දළ දේශීය නිශ්පාදිතය (GDP) 4.4%කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එය ලබන වසර වනවිට 4.2% දක්වා අඩුවනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.