මේ දිනවල ලැබුණු අධික වර්ෂාවත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව 43% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ජල විදුලි උත්පාදනය සමස්ත විදුලි ජනනයන් 42% ක් දක්වා ඉහළ ගොස් ඇති බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය
කෙසේ වෙතත් ජල විදුලි නිෂ්පාදනය තවදුරටත් අභියෝගයක්ව පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.