නවතම පුවත්

මාදම්පිටියේ ඝාතන මට්ටකුලියේ කුඩු අධිකාරියේ ප්‍රථිපලයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මත්ද්‍රව්‍ය ජාවාරමේ ඒකාධිකාරය වෙනුවෙන්  මට්ටක්කුළියේ සමගිපුර ප්‍රදේශයේ පාතාලයේ කල්ලි දෙකක් අතර කලක පටන් ඇති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස ග්‍රෑන්ඩ්පාස් හී පිහිටි මාදම්පිටිය සුසාන භූමියේදී එක් කල්ලියක් විසින් ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියේ සාමාජිකයින් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කර තිබේ. මෙම ද්විත්ව ඝාතනය ඊයේ (15) සවස 4.00 ට පමණ සිදුව ඇත.

ඝාතනය වී ඇත්තේ සමගිපුර චූටි උක්කුන්ගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයෙක් වන ආනමාලූ රංග නැමැත්තා සහ තවත් අයෙකි. හිතවතෙකුගේ මළ ගෙදරකට පැමි‚ අවස්ථාවේදී සුසාන භුමියට ත්‍රී රෝද රථයකින් පැමි‍ණ තිදෙනකු තිදෙනෙක් විසින් ඔවුන් දෙදෙනාය කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය සදහන් කරයි එමත්‍රීරෝද රථය කුඩු රොෂාන්ගේ බිරිදගේ බවට පොලිසිය විසින් හදුනාගෙන තිබේ. දැනට කුඩු රොෂාන්ගේ බිරිද දැනට බන්ධනාගාරතව සිටි

කුඩු රොෂාන් නැමැත්තාගේ කල්ලියේ සාමාජිකයින් විසින් මෙම ප්‍රහාරය එල්ලකර ඇතැයි පොලිසිය හදුනාගෙන තිබේ.  චූටි උක්කුන් නැමැති  පාතාල කල්ලි සාමාජිකයා ඇතුළු හය දෙනෙක් ඉකුත් 2016 වසරේදී ඝමගිපුරදී ඝාතනය වන්නේ කුඩු රොෂාන්ගේ ප්‍රහාරයකිනි.

ඒ සම්බන්ධයෙන් සැකපිට කුඩු රොෂාන් ඇතුළු 09 දෙනෙක් අත්අඩංගුවට ගත්තද වසර තුනකට පසු ඉකුත් මාසයේදී කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් සියළු දෙනාම අධිකරණය විසින් නිදහස් කරන්නේ ප්‍රමාණවත් සාක්ෂි නැතැයි පවසමිනි. කුඩු රොෂාන් බන්ධනාගාරයේ සිටියදී ඔහුගේ පාතාල ක්‍රියාකාරකම් අඩපන වී තිබුණු අතර ඔහුගේ නිදහසත් සමග එල්ලවුණු පළමු ප්‍රහාරය මෙය බව පොලිසිය කියයි. චූටි උක්කුන්ගේ ඝාතනයෙන් පසු ඔහුගේ කල්ලිය මෙහෙයවන්නේ ඔහුගේ සහෝදරයා වන සුද්දා නැමැත්තාය. මත්කුඩු චෝදනාවකට සුද්දා මේ වන විට සිටින්නේ බන්ධනාගාරයේය.

මේවන විට‍ මෙම ඝාතනයට සම්බන්ධ සැකරුවන් 3න් දෙනෙකු අද උදෑසන පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුඩු රොෂාන් බිරිදගේ නිවස පරික්ෂා කිරිමේදී කඩු දෙකක් සොයාගෙන තිබේ.

තවදුරටත් පරික්ෂා නිවස අවට පරික්ෂා කිරිමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ එසේ අත්අංඩංගුවට ගත් සැකරුවන් වන්නේ ගැමුණුපුර මට්ටක්කුලියේ පදිංචි වයස අවුරුදු 19ක් වූ මොහොම්ඩ් රම්ලාන් , සම්පත්පුර මට්ටක්කුලියේ පදිංචි වයස අවුරුදු 18ක් වූ සුදෙස් අසංක සහ වරාගොඩ කැළණිය ලිපිනයේ පදිංචි වයස අවුරුදු 34ක් වූ කෝලිතද සිල්වා යන අයයි. මේ සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්