නවතම පුවත්

වැලිකඩ ජේලර් මරපු සැබෑ හේතුව මෙන්න

අසංක

අසංක

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් රුවන් ජයරත්න මහතාව ඝාතනය කර ඇත්තේ ඔහු සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙක් ලෙස උසස් වීමක් ලබා ගාල්ල බන්ධනාගාරයට ස්ථානමාරුවීමක් ලැබීමට නියමිතව සිටි බැවින් ඒ ගැන වෛරයෙන් සිටි බන්ධනාගාර අධිකාරීවරයෙකු පොඩි ලැසී නැමැති පාතාල අපරාධකරුට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව බවට සැකකෙරෙන තොරතුරු ගොන්නක්ම ඒ ගැන විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් වලට ලැබෙමින් තිබේ.

පොඩි ලැසී සහ එම බන්ධනාගාර අධිකාරී අතර ඉතා කිට්ටු සම්බන්ධයක් පවතින බවද හෙලීවී ඇත. එහෙත් එම ඝාතන කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කර ඇත්තේ කරන්දෙණියේ සුද්දා නැමැති පාතාල අපරාධකරුය. කරන්දෙණියේ හිතහොද දොස්තර ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් වන කරන්දෙණියේ සුද්දාද මත්කුඩු ජාවාරමකට අත්අඩංගුවට පත්වීමෙන් පසු සිටින්නේ ගාල්ල බන්ධනාගාරයේය.

කරන්දෙණියේ සුද්දා විසින් ඔහුගේ ගෝලයින් යොදා ජේලර් වරයාව ඝාතනය කර ඇති අතර ඝාතන සැළසුම් මධ්‍යස්ථානය බවට පත්ව තිබී ඇත්තේ හික්කඩුව තිරාණගම පිහිටි සංචාරක හෝටලයකි. එම හෝටලයකි. එම හෝටලයේ සේවකයින් දෙදෙනෙක්ද මේ වන විට විමර්ශන කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජේලර් ඝාතනයට ඔත්තු බලා ඇත්තේද එම හෝටල් සේවකයින් දෙදෙනා වන අතර එක් අයෙක් හමුදාවෙන් පලාවිත් සිටින සෙබලෙකි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි