නවතම පුවත්

එජාපෙ සන්ධානයත්, අපේක්ෂකයාත් අදත් නෑ

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂය මූලිකව ගොඩනැගෙන නව සන්ධානය එළිදක්වන දිනය පිළිබඳව මෙන්ම එහි ජනපති අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය එජාප පාර්ලිමේන්ත්‍තු කණ්යාඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය එක්ව ලබන සතියේ පවත්වන සාකච්ජාවකදී තීරණය කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී .

එක්සත් ජාතික පක්ෂය මූලිකව ගොඩනැගෙන නව සන්ධානය පිළිබඳව අද ස්ථාන කිහිපයකදී පැවැත්වුනු සාකච්ජා තීරණයකින් තොරව අවසන් වීම හේතුවෙන් එම පක්ෂය මෙම එකඟතාවයට පැමිණ ඇත.

අද පෙරවරුවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසේදී එක්සත් ජාතික පෙරමුණට සහය පළ කරන පක්ෂ නායකයෝ රැස්වූ අතර ඊට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මංගල සමරවීර, රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම් හා කබීර් හෂීම් යන මහත්වරුන් එක්වූ බව වාර්තා වේ.

ඊට අමතරව මනෝ ගනේෂන්, රවුෆ් හකීම් යන මහත්වරුන් ඇතුළු සන්ධාන ගත වීමට නියමිත පක්ෂ නායකයින් කිහිප දෙනෙකු ද එක්ව තිබේ.

කෙසේ වෙතත් පැය 3කට අධික කාලයක් පැවති අදාළ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ අතර, සහභාගී වූ මැති ඇමතිවරු කිසිවෙකුත් මාධ්‍යයට අදහස් පළ නොකළහ

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි