හමුදා බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට

Picture of අසංක

අසංක

හමුදා බුද්ධි අංශ නිලධාරි මාණ්ඩලික සැරයන් චම්පික සුමිත් කුමාර සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසිනි.

2008 වසරේ දී මාධ්‍යවේදි කීත් නොයාර් පැහැරගෙන ගොස් තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත සැකපිට මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු වැලිමඩ පදිංචිකරුවෙකි.

2008 මාධ්‍යවේදි නාමල් කුමාර මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.