නවතම පුවත්

පලෙයි දොස්තරගේ හෙළිදරව්වෙන් තවත් 6 අත්අඩංගුවට – මහින්දට ගෝඨාභයට තර්ජනයක් නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ලෙස සේවයේ නිරතව සිටි සින්නයියා සිවරූබන් විසින් හෙළිකල තොරතුරුවලට අනුව ඉදිරි ත්‍රස්ත ක්‍රියාවකට සූදානමින් සිටි 06 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් සමත්ව ඇත.

එම සැකකරුවන් අතර එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින් සිටින බවත් ඒ අතර හමුදාවට ඔත්තු සපයන්නන් ලෙස කටයුතු කරන කිහිප දෙනෙක්ද සිටින බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ තොරතුරු අනාවරණය කළේය.

සින්නමනී තනේෂ්වරන්, ඉරත්තිනම් ක්‍රිෂ්ණරාසා, මෝහනසුන්දරම් සින්නතුරේ, නිනයාගමුර්ති නෙජිලන්, ටී.නිමලරාජ්, රූබන් ජතුසන් යන හය දෙනා එසේ අත්අඩංගුවට ගෙන තිබේ. ටී.නිමලරාජ් සහ රූබන් ජතුසන් යන දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (28) බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

යුද හමුදා නිලධාරීන් විසින් ඉකුත් 18 වෙනිදා වෛද්‍ය සිවරූබන්ව ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන එදිනම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ යාපනය ඒකකයට භාරදී ඇති බවද රුවන් ගුණසේකර මහතා පැවැසීය. ඔහුගේ ප්‍රකාශ මත ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය සහ අත්බෝම්බ සොයාගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා සදහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වෛද්‍ය සිවරූබන්ට සගවා තැබීමට ගිණි අවි සහ පුපුරණ ද්‍රව්‍ය ගෙනවිත් දුන් අයද සිටින බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ තොරතුරු අනාවරණය කළේය. එම පුපුරණ ද්‍රව්‍ය සහ ගිනි අවි ඔවුන්ට ලැබුණු ආකාරය ගැන පුළුල් විමර්ශනයක් පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් සැදුම් ලත් පොලිස් කණ්ඩායමක්ද විමර්ශන සදහා පත්කර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

හිටපු ඇමතිවරයෙක් වන ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා සහ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් මෙන්ම එල්.ටී.ටී.ඊ.යේ හිටපු සන්නද්ධ අංශ නායක විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ඝාතන සැලසුමක්ද වෛද්‍ය සිවරූබන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබෙන බව එම නිලධාරියා සදහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා වෛද්‍ය සිවරූබන් අත්අඩංගුවට ගැනීම සහ එම විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන මාධ්‍ය නිවේදනයක්ද අද (30) නිකුත්කර තිබුණි. විවිධ මාධ්‍ය පසුගිය දින කිහිපයේ වාර්තාකර ඇති ආකාරයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමේ සැළසුමක් ගැන වෛද්‍ය සිවරූබන් ඇතුළු අත්අඩංගුවේ සිටින සැකකරුවන් හත් දෙනා මෙතෙක් කිසිදු පාපොච්ඡාරණයක් කර නැති බව එහි පැහැදිලිවම දක්වා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්