නවතම පුවත්

FBI සංවිධානය තොරතුරු අරන් ගියේ නෑ – මැදගොඩ හිමියන්ට පොලිසියෙන් පිලිතුරු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ 29 දින මාධ්‍ය සාකච්ඡාවකදී මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කල අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයේ වැදගත්ම සාක්ෂි ඇමරිකානු FBI නියෝජිතයන් රැගෙන ගිය බැවින් දේශිය විමර්ශකයන්ට එම තොරුතුරු ලබාගැනීමට අවස්ථාව අහිමිවී ඇති බවයි නමුත් එසේ කිසිසේත්ම සත්‍ය නොවන අතර FBI නියෝජිත ඇතුළු විදේශීය සංවිධාන මෙරටට පැමිණියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහය වීමට බවත් ඒ සදහා අවශය තාක්ෂණික දැනුම ලබාදීමට බවත් නමුත් FBI නියෝජිතයන් යම් යම් සාම්පල ලබාගත්ත ඒවා ලබාගත්තේ නිසි ක්‍රමවේදයන් යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍ය්යාලය නිකුත් කල නිවේදනයේ දැක්වෙයි.

වැඩිදුරටත් එම නිවේදනයේ මෙසේ දැක්වෙයි

අධිකරණයට හමුවේ FBI නියෝජිතයන්ද පෙනී සිටි අතර අධිකරණයෙන් ලබාගත් නියෝගය මත ලබාගෙන තිබෙන්නේ පිපිරීම් සිදුවූ ස්ථානවල පුපුරණ ද්‍රව්‍ය , මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ගේ හිස කොටස් වල රුධිර සාම්පල හා හිසකෙස් සාම්පල වේ.

අපරාධ ස්ථාන පරික්ෂණ (SOCO) නිළධාරීන් අදාල සියළුම සාම්පල ලබාගෙන ඇති නිසා පරික්ෂණ වලට කිසිම බාධාවක් නොමැති බව එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්