මඩකලපුව සියෝන් දේවස්ථානයට පාස්කු ඉරිදාවේ බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස ලබන සඳුදා කල්ලියන්කාඩු සුසාන භූමියෙන් ගොඩගැනීමට නියමිතයි.
ඒ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දුන් නියෝගයකට අනුවය.
එමෙන්ම එම හිස ගොඩගත් පසුව නිශ්චිත ස්ථානයක් හඳුනාගෙන යළි භූමදාන කරන ලෙස මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත අධිකරණය නියෝගයක් කළේය.
ඒ සඳහා නිශ්චිත ස්ථානයක් හඳුනාගන්නා තෙක් එම හිස මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ පොලිස් ආරක්ෂාව යටතේ තැබීමට ද නියෝග කෙරිණි.
කල්ලියන්කාඩු සුසාන භූමියේ ත්‍රස්තවාදියාගේ හිස භූමදාන කිරීමට එරෙහිව මඩකලපුව උණුසුම් කරමින් මන්ත්‍රීවරුන්ගේ ද සහභාගිත්වයෙන් පසුගියදා දැවැන්ත විරෝධයක් මතුවිය.